2024 සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර යළි සංශෝධනය වෙයි?

Sinhala and Tamil New Year Vidura Wickramanayaka Astrology
By Wayomi Mar 08, 2024 06:49 AM GMT
Report

මෙවර අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, "යක්කු ගස් නගින වෙලාවට අලුත් අවුරුදු නැකත් හැදිල්ල ගැනයි.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනක ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, මේ තුළ කුමන්ත්‍රණයක් පවතින බවද ඔහු සඳහන් කළ අතර අවුරුදු නැකත් රාත්‍රි කාලයට යොදාගැනීම තුළින් එම නැකැත් පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබාදිය නොහැකි තත්වයක් උද්ගතවන බවයි.

කෙසේ වෙතත් මෙම නැකත් ගැටලුව සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගෙන් "ගගන" අප කළ විමසිමකදී ඔහු කියා සිටියේ, ජාතික නැකත් කමිටුවේ සියලු සාමාජිකයන් ජ්‍යොතීර්වේදය පිළිබඳව ප්‍රමාණාත්ම දැනුමක් ඇති පුද්ගලයන් බවත්, නැකත් චාරිත්‍රවල කිසියම් ගැටලුවක් තිබුණා නම් එය සකසන අවස්ථාවේදීම ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතුව තිබූ බවත්ය.

ඒ, අනුව නැකත් චාරිත්‍රවල කිසියම් ගැටුලුවක් ඇත්නම් සහ ඒවා යළි සංශෝධනය කළ යුතු වන්නේ නම් ඒ පිළිබඳ යෝජනාවක් නැකත් කමිටුව මගින්ම ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.     

"යක්කු ගස් නගින වෙලාවට අලුත් අවුරුදු නැකත් හැදිල්ල බරපතලයි." - ජ්‍යෝතීර්වේදීන්ගෙන් දැඩි ප්‍රකාශයක්. - (VIDEO)

"යක්කු ගස් නගින වෙලාවට අලුත් අවුරුදු නැකත් හැදිල්ල බරපතලයි." - ජ්‍යෝතීර්වේදීන්ගෙන් දැඩි ප්‍රකාශයක්. - (VIDEO)

යක්කුන්ට දොළ පිදේනි දෙන වෙලාවට මෙවර සිංහල අවුරුද්දේ කිරිබත් කන්න නැකත් හදලා. - (VIDEO)

යක්කුන්ට දොළ පිදේනි දෙන වෙලාවට මෙවර සිංහල අවුරුද්දේ කිරිබත් කන්න නැකත් හදලා. - (VIDEO)