විපක්ෂයෙන් ජනපතිට ලැබුණු පිළිතුර..

SJB Ranil Wickremesinghe Sajith Premadasa IMF Sri Lanka
By Sewvandhi Mar 09, 2024 01:46 PM GMT
Report

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ අදහසවී ඇත්තේ ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට බව වාර්තා වෙයි.

ඒ බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අද (09) පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගිය වර දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙන්ම මෙවරදී ද ඔවුන් විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා කරනු ඇති බව සඳහන් කළ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එසේ නොමැතිව ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් ඔවුන් කැඳවන සාකච්ඡාවට සහභාගී වීමේ අපේක්ෂාවක් සිය පක්ෂයට නොමැති බව පෙන්වා දෙයි.

ලබන 11 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනයක් සිදුකර තිබුණි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම අදහස් පළ කෙරුණි.