හදිසියේම මෙරට ආසාදිතයන් වැඩි වීමට හේතුව හෙළි කරයි.. (VIDEO)

Health Covid @9 SrilnK
By Sithumi Feb 04, 2022 01:10 PM GMT
Report

පසුගිය සතියට වඩා මෙම සතියේ කොරෝනා අසාදිතයින් වාර්තා වීම සියයට 30කින් ඉහළගොස් ඇති බව කොවිඩ් 19 පිළිබඳව රාජ්‍ය අමාත්‍යංශයේ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා

. "පහුගිය සතියට වඩා මේ සතියේ සියයට 30ක පමණ රෝගීන් වැඩිවීමක් අපි දකිනවා. ඒ වගේම මරණ පහුගිය සතියත් එක්ක සංසන්දනය කරලා ගත්තම සියයට 10 ක විතර වැඩිවීමක් දකිනවා.

ඔක්සිජන් මත යැපෙන රෝගීන් සහ දැඩි සත්කාර ඒකක වෙත යොමුවන රෝගීන් සියයට 4ත් 5ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා. මේ පහුගිය සතියේ වාර්තා වූ මරණවලින් තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණය නොකරපු කට්ටිය

. ඒ නිසා ඔබට ඇති අවධානම තවමත් තියෙනවා. තවමත් බූස්ටර් එන්නත් මාත්‍රාව සියයට 39කට විතරයි දීලා තියෙන්නේ. සියයට 70කට වත් දීලා ඉවරකරගත්තොත් මේ විඳින නිදහස තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාව තියෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now