ප්‍රාණ ඇපයේ සිටින දරුවන් බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක්. - ඔවුන්ට එන්නතකුත් දීලා.

Sri Lanka Police Kidnapping
By Gagana May 06, 2024 09:10 AM GMT
Report

තම බිරිඳව ඝාතනය සඳහා ඊයේ දිනයේ (5) සවස අත් බෝම්බයක්ද රැගෙන හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයට පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගලයකු විසින් තම කුඩා දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිටින සිද්ධියට අදාල දරුවන් දෙදෙනා පොලිසි විශේෂ කාර්ය බළකාය විසින් පැය නමයක මෙහෙයුමකින් පසුව බේරා ගැනීමට හැකි විය.

බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා විසින් අත්බෝම්බයේ අගුලු ඉවත් කර දරුවන්ප්‍රාණ ඇපයට ගෙන සිටින පුද්ගලයා සමඟ සාකච්ඡා කරමින් නැවත එම අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට දැඩි වෙහෙසක් ගෙන ඇත

මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණ දෙන නිලධාරී ගුණරත්න මහතා සහ පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා විසින් පැය නමයක් පුරාවට සැකකරු සමග සාකච්ඡා කලත් එම ඉල්ලීම් වලට සවන් නොදී දිගින් දිගටම දරුවන් ප්‍රාණ ඇපේ තබාගෙන සිටීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුමක් දියත්කොට සැකකරු අත්අඩංගුවටගැනීමට කටයුතු කළා.

ප්‍රාණ ඇපේ තබා ගෙන සිටි අවස්ථාවේදී සැකකරු විසින් දරුවන් දෙදෙනාට යම් එන්නතක් ලබා දී ඇති බැවින් දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ අතර සැකකරු සතුව තිබූ අත්බෝම්බය විනාශ කිරීම කිරීමට බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත බාර දීමට කටයුතු කර තිබෙනවා.