අවධානයෙන් සිටින්න..! සැකකරුවන් පිරිසක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි - (PHOTOS)
Sri Lanka Police
Galle Face Protest
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලුවී එහි දේපළවලට අලාභ හානි සිදු කළ සැකකරුවන් පිරිසක් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. කොළඹ දකුණ කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරන විමර්ශනයට අදාළවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටින්නේ.
ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර්ජාලය මගින් හඳුනා ගත් මෙතෙක් අනන්‍යතාව අනාවරණ කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් පිරිසක් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 011 2421867 / 076 3477342 හෝ 1997 ක්ෂණික ඇමතුම් අංශයට තොරතුරු ලබාදිය හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |


