කිලෝ 10ක ගෙඩියක් ගර්භාෂයෙන් එළියට ගනී..හම්බන්තොටින් විශ්මිත සැත්කමක්..
හම්බන්තොට මහ රෝහලේ දී ඊයේ (19) දිනයේ සිදු කල විශ්මිත සැත්කමකින් කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ දහයක(10) පමණ ගෙඩියක් ඉවත් කල බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.
හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මගින් සිදු කල සැත්කමකින් මෙම ගෙඩිය ගර් භාෂයෙන් එළියට ගෙන තිබේ.
සැත්කම සිදුකල විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා අදහස් දක්වමින් කියා සිටියේ 49 හැවිරිදි මෙම කාන්තාව ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ තමා හමුවට පැමිණි බවත් උදරයේ විශාලත්වය හා හුස්ම ගැනීමේ අපහසු තාවය ඇති බවද දන්වා සිටියා.
වහාම හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර අවශ්‍ය ස්කෑන් පරීක්ෂන කටයුතු සිදු කිරීමෙන් පසුව ගර්භාෂයේ ගෙඩියක් ඇති බව හෙලි විමෙන් පසුව මෙම සැත්කම (19) දිනයේ දි හම්බන්තොට මහ රෝහලේ දි සිදු කර තිබේ.
මෙම ගෙඩිය ගර් භාෂයේ පිහිටා ඇති බව පරීක්ෂන වලින් හෙලි වීමෙන් පසුව සෙසු වෛද්‍යවරුන් හා කාර්යමන්ඩල සමග ඉතා සාර්ථකව මෙම සැත්කම හම්බන්තොට මහ රෝහලේ දි සිදු කර ගෙඩිය ඉවත් කිරීම සිදු කාරුණා.
මේ අතර පසු ගියදා මෙරටින් තවත් විශ්මිත සැත්කමක් සිදු කෙරුණා.
ඒ යුධහමුදා රෝහලේදී වකුගඩුවක තිබූ ග්‍රෑම් 800ට වැඩි බරකින් යුත් ගලක් ඉවත් කිරීමයි..