විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් වලට ලැබෙන සහනය..

Sri Lanka Government Of Sri Lanka
By krishani Jan 14, 2023 04:34 AM GMT
Report

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් සදහා සහන වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන ඇත .

ඒ අනුව විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

ජපානය, කොරියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල හැර වෙනත් රටවල සිටින විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල එක් දරුවෙකු වෙනුවෙන් රුපියල් 5,000 ක පාසල් උපකරණ මෙහිදී ලබාදීමට නියමිත අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණ වසර 5 ක කාලයක් නොඉක්ම වූ ශ්‍රමිකයින්ගේ දරුවන්ට ද පාසල් උපකරණ ලබාගැනීමේ වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම විදෙස්ගතව සිට මෙරටට පැමිණ වසර 5 නොඉක්ම වූ විගමණික ශ්‍රමිකයින්ට රුපියල් 50,000 ක වටිනාකමින් යුක් ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් ද විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ආරම්භ කර ඇති අතර ඒ සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල විදේශ රැකියා සංවර්ධන නිලධාරීවරයාගේ අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බව එම කාර්යංශය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join