මෙරට ජනතාවට සුබ ආරංචියක් - ලබන වසරේ පවුල් ලක්ෂ 20කට රජයෙන් ලබා දෙන්න යන දේ මෙන්න.
2024 වසරේ දී අස්වැසුම ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව ලක්ෂ 20ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇත.
ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.
ඒ අනුව ඊට අවශ්‍ය ප්‍රතිපාදන රජය වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.
එමෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු සුදුසු පුද්ගලයින් තෝරා ගැනීම සදහා යළි අයදුම්පත් කැඳවීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර, රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමිවී ඇති දින 45ක් වන නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් යෝජනා කර ඇත.
එහිදී අනියම් නිවාඩු දින 10ක් සහ විවේක නිවාඩු දින 15ක් ලෙස නිවාඩු සංශෝධනය කරන ලෙස ද යෝජනා ඉදිරිපත් වී තිබේ.
වැඩිදුර තොරතුරු පහතින්,