ලියාපදිංචි වාහන සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..මිල ගණන් තව ඉහළ යයි..?

Income Tax Department Department of Motor Vehicles vehicle imports sri lanka Value Added Tax​ (VAT)
By Aruna Jan 06, 2024 04:04 AM GMT
Report

රජය මඟින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත ලියාපදිංචි කරන ලද මෝටර් රථ අලෙවි කිරීමේ දී යළි බදු අය කිරීමේ අවදානමක් පවතින බව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසනවා.

මේ පිළිබඳ වාහන අලෙවිකරන පුද්ගලයන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි, එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේ.

මේ අතර, මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම සංගමය කියා සිටින්නේ, ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ ලබා සිදු වනු ඇති බවයි.

ආදායම් බදු ඉහළ නංවාගැනීමද මෙහි එක් ප්‍රධාන අරමුණක් බවයි සංගමය පවසන්නේ.

එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ පමණක් ආනයනය කරන්නේ විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට බවද සංගමය වැඩිදුරටත් පවසයි.



Sponsored By Sarrita Jewellery