අලුතින් කැසිනෝ පටන් ගන්න අයටයි. - කැසිනෝ යන අයටයි තට්ටු වෙන්නයි යන්නේ.

Athuraliye Rathana Thero Ranjith Siyambalapitiya
By Wayomi Jan 10, 2024 11:22 AM GMT
Report

අලුත් කැසිනෝ ශාලා සඳහා අයදුම්පත් 10ක් ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව ඔහු ප්‍රකාශ කළේ, එම අයදුම්පත් අදාල ක්‍රියාවලියේ විවිධ අදියරයන් වල පවතින බවත්, මුල් බලපත්‍ර හතර හැරුණු කළ කැසිනෝ ශාලා විවෘත කිරීම සඳහා අලුත් බලපත්‍ර කිසිවක් මෙතෙක් ලබාදී නොමැති බවත්ය.

ඔහු මෙම කරුණු කියා සිටියේ, අද (10) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අතුරලිය රතන හිමියන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

අලුතින් කැසිනෝ පටන් ගන්න අයටයි. - කැසිනෝ යන අයටයි තට්ටු වෙන්නයි යන්නේ. | Registration Fees For Casinos Are Up

රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"කැසිනෝ ශාලා ලියාපදිංචි ගාස්තුව අවුරුදු පහකට කෝටි පනහක් ගත්තා. මීට පස්සේ අලුතින් විවෘත කරනවා නම් කෝටි පනහකට වැඩියෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. වාර්ෂික ගාස්තුව කෝටි විස්ස කෝටි පනහක් කළා.

ශ්‍රී ලංකා පුරවැසියකු කැසිනෝ ශාලාවකට ඇතුළු වන්නේ නම් රුපියල් දහසය දාහක් ගෙවන්න ඕන. ශ්‍රී ලාංකිකයන් මේවට යන එක මන්දෝත්සාහි කරන්න තමයි මේක කරන්නේ. හැකි තරම් කැසිනෝ ක්‍රීඩාව විදේශිකයන්ට පමණක් සීමා කිරීම අරමුණයි. කැසිනෝ ශාලාවල ලාභය මත සියයට හතළිහක බද්දක් අය කරනවා. රාජ්‍ය ආදායමට උපරිම බදු ගන්නවා."


                                                                                                 Sponsored By Sarrita Jewellery

අලුතින් කැසිනෝ පටන් ගන්න අයටයි. - කැසිනෝ යන අයටයි තට්ටු වෙන්නයි යන්නේ. | Registration Fees For Casinos Are Up