ඩෙංගු මරණ වැඩි වන හේතුව හෙළි වෙයි.- ඩෙංගු යැයි සැක නම් මෙන්න මේ ඖෂධය පමණක් ගන්න.

Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka
By Wayomi Jan 08, 2024 03:41 AM GMT
Report

මේ වන විට ඩෙංගු හිස ඔසවා ඇති බැවින් උණ සහිත රෝගියෙකු වේ නම් ඔවුන් වෛද්‍යවරයකු හමුවන තෙක් පැරසිටමෝල් හැර වෙනත් කිසිම ඖෂධයක් ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන සතිය ආරම්භ කරමින් එහි ප්‍රධාන වැඩසටහන විජේරාම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (7) ආරම්භ වූ අතර එහිදී සෞඛ්‍ය ‌ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙම කරුණු අවධාරණයට ලක් කරනු ලැබුවා.

ඩෙංගු මරණ වැඩි වන හේතුව හෙළි වෙයි.- ඩෙංගු යැයි සැක නම් මෙන්න මේ ඖෂධය පමණක් ගන්න. | Reason For Increasing Dengue Deaths

ඔහු පවසන්නේ,ඩෙංගු මරණ විමර්ශනය කිරීමේදී රෝහල්ගත වීමට ප්‍රමාදය මෙන්ම පැරසිටමෝල් ඖෂධයට අමතරව විවිධ ඖෂධ ලබා ගැනීම හරහා විවිධ සංකුලතා ඇති වීමෙන් එම මරණ සිදු වී ඇති බවයි.

එම නිසා ඩෙංගු මර්දනය කිරීමට නම් තමන් ජීවත් වන පරිශ්‍රය පිරිසිදුව තබාගත යුතු බවත්, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත් ඔහු පේනවා දෙනවා.     


                                                               Sponsored By Sarrita Jewellery

ඩෙංගු මරණ වැඩි වන හේතුව හෙළි වෙයි.- ඩෙංගු යැයි සැක නම් මෙන්න මේ ඖෂධය පමණක් ගන්න. | Reason For Increasing Dengue Deaths