රැට්ටා තවදුරටත් රිමාන්ඩ්..!ජෙහාන් ඇතුළු හතරක් නිදහස්

Galle Face Protest Sri Lankan protests SL Protest
By Sewvandhi Jun 24, 2022 09:34 AM GMT
Report

කොළඹ - කොටුව සහ තලංගම ප්‍රදේශවල මේ මස 09 සහ 10 යන දිනවල ඇතිවූ කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 4 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) ඇප නියම කළා.

ඒ අනුව, රංගන ශිල්පීන් වන ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි සහ ධම්මික මුණසිංහ හා එරංග ගුණසේකර මෙලෙස ඇප මත මුදා හැර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා, පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි සහ ළහිරු වීරසේකර තවදුරටත් ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now