රත්නපුරේ අද පැවැත්වෙන උත්සවයකට කරන්න යන දේ මෙන්න...අමුතුම කතාවක්.
උත්සව ඇතුලූ අනවශ්‍ය වියදම් අඩු කරන ලෙස භාණ්ඩාගාරය රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආදී රාජ්‍ය ආයතනවලට දන්වා තිබියදි මිලියන ගණනක් වැයවන උත්සවයක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රත්නපුරේ දි පැවැත්වීම ගැන මහජනතාව මෙන්ම රජයේ නිලධාරීහූ ද සිය කණගාටුව පළකර තිබෙනවා.
රත්නපුර නගරයේ මැණික් හා ස්වර්ණාභර අධිකාරියේ කාර්යාලය පිහිටි පැරණි ලන්දේසි කොටුවේ මෙම උත්සවය පැවැත්වෙයි. මැණික් පතල් කම්කරුවන්ගේ විභාග සමත් දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක්, පතල් කම්කරුවන්ට ජිවිත රක්ෂණාවරණ, පතල් කම්කරුවන්ට විශ්‍රාම වැටුප් පිරිනැමීම සහ පුහුණු වැඩසටහනක් මෙදින පැවැත්වෙන බව මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ ප්‍රකාශකයෙක් කියා සිටියා.
උත්සවය සඳහා වෙනම වේදිකාවක් සහිත තාවකාලික ශාලාවක් ඉදිකිරිමට මිලියනයක පමණ මුදලක් වැය කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කියයි.
ඊට අමතරව විෂයභාර ඇමතිවරයා, සභාපතිවරයා ඇතුලූ කොළඹින් එන රාජ්‍ය නිලධාරින් ඇතුලූ විශාල පිරිසකට නවාතැන් ගැනීම සඳහා රත්නපුර නගරයේ සහ ආසන්න ප්‍රදේශවල සුපිරි හෝටල්වල කාමර වෙන්කර ඇති බව ද කියයි.
මේ අතර වීදුරු කලූ කළ නවීන පන්නයේ ඩිෆෙන්ඩර් රථ අද රත්නපුර අවට බැකෝ සහ වෙනත් පතල් ඇති ප්‍රදේශවල සැරිසැරූ බව එම ප්‍රදේශවල ජනතාව කියති.
බැකෝ පතල් සඳහා බලපත්‍ර දීමේ දී බලපත්‍රහිමියන්ගේ පරිත්‍යාග එකතුවෙන් පිහිටුවන ද අරමුදලකින් මෙම සහන ලබාදෙන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
මෙම උත්සවය සඳහා ද රජාය් මුදල් වැය නොකරන බව පවසන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඒ සඳහා බරපැන පෞද්ගලික අංශයෙන් දරණ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.