කොළඹ කොටස් වෙළඳ පොළෙහි සීඝ්‍ර වර්ධනයක්..හේතුව මෙන්න..

Colombo Colombo Stock Exchange Economy of Sri Lanka
By Aruna Jan 02, 2024 03:55 AM GMT
Report

රටේ ආර්ථික වර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය 2023 වසරේ දී සියයට 25.5 ක වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය 2023 වසරේ අවසාන ගනුදෙනු දිනය වූ ‌දෙසැම්බර් මස 29 වන සිකුරාදා දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ නිකුත් කරන ලද දෛනික ගනුදෙනු සටහන් වාර්තාව මඟින් මේ බව පෙන්වා දී ඇත.

කොළඹ කොටස් වෙළඳ පොළෙහි සීඝ්‍ර වර්ධනයක්..හේතුව මෙන්න.. | Rapid Growth In The Colombo Stock Market

ඒ අනුව කොටස් වෙළෙඳ පොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය, වසර ආරම්භයට සාපේක්ෂව සියයට 25.50ක වර්ධනයක් වාර්තා කර තිබීම ද විශේෂත්වයක්.

2023 වසර වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ කළ ජනවාරි මාසයේ 04 වැනිදා දෛනික ගනුදෙනු අවසානයේ දී සමස්ත මිල දර්ශකය ඒකක 8,463.93 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 වසර අවසානයේ දී ඒකක 10,654.16 ක් ලෙසින් සටහන්ව තිබුණා.

මේ අතර කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත ප්‍රධාන පෙළේ සමාගම් 20ක් ඇසුරින් සකස් කෙරෙන S&P SL20 දර්ශකයට අනුව 2023 වසරේ ‌ආරම්භක දිනයේ දී ඒකක 2,632.96 ක් ලෙස සටහන් වූ අතර එය වසරේ අවසන් ගනුදෙනු සිදුවූ දිනයේ දී ඒකක 3,068.36 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳ පොළ විශ්වාසය පළ කරන්නේ,පසුගිය 2023 වසර සැලකිල්ලට ගැනීමේ දී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල විශාල වර්ධනයක් වාර්තා වන අතර එය මේ වසරේ දී තවදුරටත් ඉහළ යනු ඇති බවයි.