ආයේ ඉතින් නෑ.. බෑ කියනවා බොරු. - ලංගම දෛනික ආදායමේ සිදු වූ සීඝ්‍ර වෙනස.

Government Of Sri Lanka Srilanka Bus
By Wayomi Apr 12, 2024 04:12 AM GMT
Report

සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ,සිංහල හා දෙමළ අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහායි.

පසුගිය 5 වනදා සිට උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලංගම අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක්කරමින් විශේෂ ගමනාගමන සේවාවක් ආරම්භ කළා.

ඒ හරහා මේ වනවිට සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසා සිටියා.

නමුත් ප්‍රමාණවත් පරිදි දුර ගමන් සේවා බස් රථ නොමැති වීම හේතුවෙන් පිටකොටුව බැස්ටියන් මාවත හා මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණි තමන් දැඩි අපහසුතාව පත්වු බවට මගීන් චෝදනා කර තිබුනා.

ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේ, ප්‍රමාණවත් පරිදි බස් රථ නොමැති බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම ඊයේ දිනය තුළ අධිවේගී මාර්ගවල ආදායම සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළ අතර අද සිට ලබන 15 වන දින දක්වා අධිවේගී මාර්ගවල ආදායම සැලකිය යුතු මට්ටකින් ඉහළ හා හැකි බවට පුරෝකථනයක් සිදුකළ හැකි බවද එහි ප්‍රකාශකයෙක් කියා සිටියා.

මේ අතර ප්‍රධාන මාර්ගයේ දෛනිකව ගමන් කරන දුර ගමන් සේවා වාරවලට අමතරව පසුගිය 10 වනදා සිට අප්‍රේල් 15 දක්වා සාමාන්‍ය දුර ගමන් දුම්රිය සේවා හැර අතිරේක දුම්රිය 12ක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව බදුල්ල දක්වා දුම්රියන් 02ක්, බදුල්ල සිට කොළඹ දක්වා දුම්රියන් 02 ක්, ගාල්ල දක්වා දුම්රියන් 02ක්, ගාල්ල සිට කොළඹ දක්වා දුම්රියන් 02ක්, බෙලිඅත්ත දක්වා දුම්රියන් 02ක් හා බෙලිඅත්ත සිට කොළඹ දක්වා දුම්රියන් 02 ක්ද වශයෙන් එම දුම්රියන් ගමන් වාර ක්‍රියාත්මක වනු ඇත.