මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ අද වනවිට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට රුපියල පත්ව ඇති බවයි.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස හතර තුළ පමණක් රුපියල ලොව සෑම මුදල් ඒකකයක් සමගම සැසඳීමේ දී කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන ඇති බව ය.
එමෙන්ම, මුල් මාස හතර තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 9.1%ක වර්ධනයක් අත්කරගෙන ඇති රුපියල යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 12.7%ක වර්ධනයක් අත් කරගෙන ඇත.
ස්ටලින් පවුමට සාපේක්ෂව 10.8%ක සහ චීන යුවාන් මුදල් ඒකකයට සාපේක්ෂව 11.4%ක වර්ධනයක් රුපියල හිමි කරගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 21%කින් ද ඉන්දියානු රුපියලට සාපේක්ෂව 9.5%කින් ද වර්ධනය වී ඇති රුපියල ඕස්ට්‍රෙලියානු ඩොලරයට සාපේක්ෂව 14.2%කින් වර්ධනය වී ඇති බවයි.