රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය රිය අනතුරකට ලක්වෙයි..

Ranjith Siyambalapitiya Sri Lanka Accident
By Sithumi Apr 16, 2023 01:07 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජිප්රථය කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබේ. 

 අනතුර සිදුවන අවස්ථාවේ දී වාහනය තුළ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙක් සිට ඇත. අනතුරින් සියඹලාපිටිය මහතාගේ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම, සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ද මේ වනවිට කරවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ජිප් රථය අනතුරට ලක්ව තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now