ඡන්දය ලෝක වාර්තාවකුත් එක්ක තියනවා..!

Ranjith Siyambalapitiya Sri Lanka
By Sewvandhi Jan 06, 2023 12:19 PM GMT
Report

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ, වර්ථමානයේ මෙරට තුළ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් විය හැකි බවයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නේ නම් මුදල් මුද්‍රණය කළ යුතු බැවින් එලෙස මැතිවරණයක් පැවැත්වීම ලෝක වාර්තාවක් වන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

"ඡන්දය තියන්න පුලුවන් ලෝක වාර්තාවකුත් එක්ක. මොකක් ද ලෝක වාර්තාව. ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදයක ඉන්න රටක්. මුදල් මුද්‍රණය කරලා පළාත් පාලන මැතිවරණයක් තිබ්බා කියන ලෝක වාර්තාවත් එක්ක නම් මැතිවරණය තියන්න පුලුවන්. එහෙමනම් කරමු."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now