රන්ජන් රාමනායක අද නිදහස් කරයි?...

Harish Kalyan Dr Wijeyadasa Rajapakshe Ranjan Ramanayake Department of Prisons Sri Lanka
By Aruna Aug 25, 2022 10:57 PM GMT
Report

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන්ට වරදකරුවී සිර දඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා දිවරුම් ප‍්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, තමන් විසින් සිදුකරන ලද ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත්, ඉන් නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම ගැන සමාව ඉල්ලා සිටින බවත්ය.

තමන් සිදු කල එම ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් පවසන ඔහු ඉදිරියේදී එවන් ප්‍රකාශ සිදු නොකරන බවත් සදහන් කර ඇත.

මේ අතර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ, රංජන් රාමනායක මහතා අද හෝ සදුදා දින නිදහස ලබනු ඇතැයි තමන් දැඩි සේ විශ්වාස කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now