විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ප්‍රතිචාර මැද රංජන් සිරගෙදරන් රඟහලට එයි...

Sri Lanka
By Aruna Aug 22, 2022 03:18 AM GMT
Report

තමන් රඟපාන ‘ද ගේම්’ චිත්‍රපටය නැරඹීමට සිරගතව සිටින ජනප්‍රිය රංගන ශිල්පි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඉකුත් දා විශේෂ අවසරයක් ලබාදී තිබුණා.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මැද සිනමා ශාලාවට පැමිණි රන්ජන්ට එහිදී ප්‍රේක්ෂක සහෘද උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය.

‘ද ගේම්’ අධ්‍යක්‍ෂ සුරංග අල්විස්ගේ ඉල්ලීමට අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම අවසරය ලබා දී තිබීම විශේෂත්වයක්.

රකිත රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, විදුරංග සිරිමාන්න ඇතුළු පිරිසට සුරංග අල්විස් මහතා එහිදී තුති පුද කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now