"අලුත් අත්දැකීමක් ලබන්න කැමති විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න පුළුවන්.. ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා ඔවුන්ට පුලුවන් පුවරු අරන් ඉන්න..ඒ වගේම අගමැතිවරයාටත්.." - අගමැති විදෙස් මාධ්‍යට කීව කතාව.. (VIDEO)
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ පසුගිය පරිපාලනය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා SKY නිව්ස් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.
එසේම එළඹෙන අගෝස්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවට දැඩි ආහාර අර්බුදයකට ද මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.
මාධ්‍යවේදීයා විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් අගමැතිවරයාට යොමු කළ ප්‍රශ්නයේ දී,
ප්‍රශ්නය:-
මේ අවස්ථාවේ දී ඔබට විදේශිකයින්ට ආරාධනා කරන්න පුළුවන් ද ලංකාව සුරක්ෂිතයි ඔවුන්ට සංචාරය කරන්න කියලා ?
පිළිතුර:-
අලුත් අත්දැකීමක් ලබන්න කැමති විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න පුළුවන්.ඒ වගේම ඔවුන්ට විරෝධතාවලටත් සහභාගී වෙන්න පුළුවන්. සමහර විට ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා ඔවුන්ටත් පුළුවන් පුවරු අරන් ඉන්න.ඒ වගේම අගමැතිවරයටත් ගෙදර යන්න කියලත්.ඔවුන්ට එවැනි විකල්ප තියෙනවා.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |