ජනපති කළ විශේෂ දැනුම් දීම..
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු බව මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව්දෙනෙකු සමඟ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවක දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් මත හතරක් දැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදි ප්‍රතිචාර දක්වා ඇත.
කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු අතර ඊට අවශ්‍ය නිදහස කොමිසමට බාර දී ඇති බවත් එය ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.
අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද ලිඛිතව විමසීම් සිදු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එම සාමාජිකයින් පිරිස දැනුවත් කර ඇත.
ඒ සඳහා නීතිමය සහයෝගය ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බව මෙන්ම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මත 4ක් දැරීම හේතුවෙන් එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |