ජනපති සෞදි කුමරුට විශේෂ ලිපියක් යවයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞදියේ ඔටුන්න හිමි නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් කුමරුට ලිඛිත පණිවිඩයක් යවා ඇති බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කරයි.
ද්විපාර්ශ්වික සබඳතා සහ ඒවා සෑම ක්ෂේත්‍රයකම දියුණු කිරීමට අදහස් කිරීම මෙම ලිපි හුවමාරුවේ අරමුණ වන අතර එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා කුමරු වෙනුවෙන්, නියෝජ්‍ය විදේශ අමාත්‍ය Waleed bin Abdulkarim Al-Khuraiji සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මෙම පණිවිඩය ලබා දී ඇත.
ඔවුන්ගේ හමුවේදී සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා සහ විවිධ ක්ෂේත්‍රවල ඒවා නංවාලීමේ ක්‍රම පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා සිදුකර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |