දකුණු අප්‍රිකානු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවූ විශේෂ පණිවිඩය..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Aug 26, 2022 01:52 AM GMT
Report

ශ්‍රී ලංකාව සමග පවතින සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කැප වන බව දකුණු අප්‍රිකානු ජනරජයේ ජනාධිපති මතමෙලා සිරිල් රමෆෝසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් පිරිනමා ඇති දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීම සිය අභිලාෂය බව දන්වා ඇති බව ද සඳහන් වේ.

ශ්‍රී ලංකාව සමග ඇති සබඳතාවලට අතීතයේ සිට දකුණු අප්‍රිකාව සුවිශේෂත්වයක් ලබා දී ඇති අතර ඉදිරියට ද දෙරට අතර සහයෝගීතාව, මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් විශේෂ අවධානයෙන් කටයුතු කරන බව එම සුබපැතුම් පණිවුඩයේ සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join