ජනාධිපතිවරයාගේ අරමුණ..
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ලොව අනෙකුත් රටවල් ජයග්‍රහණ සමග දිනෙන් දින ඉදිරියට යන විට අප රට පසුපසට ගමන් කළේ එක්ව වැඩ නොකළ නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
එම ඓතිහාසික වරද නිවැරදි කර ගනිමින් සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ඒ ඊයේ (20) ඓතිහාසික අනුරාධපුර පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ අවස්ථාවේ දී මේ බව පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |