ජනපති හදිසියේම කොළඹ ජාතික රෝහලට යයි..
Ranil Wickremesinghe
Colombo Hospital
President of Sri lanka
By krishani
ප්‍රවීණ රංගධරයෙකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(19) උදෑසන කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇත.
රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ සමග කතා බහක නිරත වී ඇති අතර ඇන්තනී මහතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස ඉල්ලා තිබේ.
ඉන් අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වී ඇත.
රෝහලෙන් පිටතට පැමිණීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන් සුවදුක් විමසා සිටියහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |