ඉදිරි මාස 02ක තුළ කරන දෙයක් ගැන ජනපතිගෙන් විශේෂ පොරොන්දුවක්..

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Northern Province of Sri Lanka
By Aruna Jan 07, 2024 02:29 AM GMT
Report

උතුරු පළාතේ ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටලුවලට ඉදිරි මාස 02 තුළ විසදුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි, ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක් ද පවත්වා තිබුණා.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.ශ්‍රී.සට්කුනරාජා මහතා ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය අදාළ සාකච්ඡාවට එක් ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එහි දී යාපනය විශ්වවිද්‍යාලයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් වූ සංවර්ධන සැලැස්ම ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබීම ද විශේෂත්වයක්.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කළේ, නවීන තාක්ෂණය සමඟ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසී භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානය යොමුකර කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ බවයි.


Sponsored By Sarrita Jewellery