ජනතාවට දුක්විඳීමට සිදුවන කාලය ගැන ජනපති කියයි

Ranil Wickremesinghe Sri Lanka IMF Sri Lanka
By Sewvandhi Jan 06, 2023 02:48 PM GMT
Report

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ,උපයනවිට ගෙවීම්, වැට් බදු ඇතුළු මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා යම් යම් දුෂ්කරතා අත්වීඳීමට ජනතාවට සිදු වුවද එය නිශ්චිත කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් ආර්ථිකයේ ස්ථාවර ශක්තිමත් භාවයක් ඇති කිරීමට හැකි වනු ඇති බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග අද (06) පැවති සාකච්ඡාවකදීය. 

 ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රීලන්කන් එයාර් ලයින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය තුළින් මෙරට ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ නැංවීමට හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

නව බදු ප්‍රතිපත්ති, පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු ආර්ථිකයේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ IMF ණය පහසුකම ලබා ගැනීම සඳහා ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now