හමුදාව තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කළ යුතුයි - ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Sri Lanka Army Ranil Wickremesinghe Sri Lanka Cyber Attack President of Sri lanka
By Sithumi Aug 25, 2022 03:11 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත ජනාධිපති වර්ණ හා විශ්ව විද්‍යාල වර්ණ ප්‍රදානය සිදු කිරීම වෙනුවෙන් අද (25) පස්වරුවේ පැවැති උත්සවයට සහභාගී වුනා.එහිදී අදහස් දැක්වූ එතුමා කියා සිටියේ අනාගතයේදී භූමියේ, ගුවනේ , මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේද යුද්ධ සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් අපේ විරුවන් සන්නද්ධ කළ යුතු බවයි.

සාර්ථක හමුදාවක් බිහි කිරීමට විනයක්, පුහුණුක් හා දැනුමක් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ සියලු කාරණා මේ වන විටත් ඉටු කරමින් සිටින බව ද සඳහන් කළා. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාරයක් පිරිනැමුණු අතර ජනාධිපති වර්ණ හා විශ්ව විද්‍යාල ධජ වර්ණ සඳහා සර්ව ආගමික ආශිර්වාදයක් ද පැවැත් වුණා.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත ජනාධිපති වර්ණ හා විශ්ව විද්‍යාලීය වර්ණ ප්‍රදානය සිදු කරනු ලැබුවා. පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුවයි විශ්ව විද්‍යාල ධජ හා වර්ණ පිළිගැන්වීම සිදු කරනු ලැබුවේ. 

 ශ්‍රීමත් ජෝන් කොතලාවල වළව්වේ පිහිටි කෞතුකාගාරය නැරඹීමට ද එක් වූ ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක් ද තැබුවා. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

“අද ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය දෙස් විදෙස්හි විශාල කීර්තියකට ලක්ව තිබෙනවා. ආරක්ෂක විශ්ව විද්‍යාලයක් ලෙස ඔබේ හැකියාව පෙන්වා දී තිබෙනවා. ත්‍රස්තවාදය අවසාන කාලයේ සටන් කළ නිලධාරින් ගණනාවක් මේ විශ්ව විද්‍යාලයෙන් පිට වූ අය. එසේනම් මෙම විශ්ව විද්‍යාලය අප ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම දක්ෂ නිලධාරින් අපේ ත්‍රිවිධ හමුදාවට එක් කිරීමට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now