රනිල්ගේ ගෙට ගිණි තැබූ 14 ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරයි..(PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka
By Aruna Jul 28, 2022 04:43 AM GMT
Report

පසුගිය ජූලි 09 වැනිදා ඇති වූ කලහකාරී හා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී කලහකාරී පිරිස් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අංක 119, පස්වන පටුමග, කොළඹ 03 ලිපිනයේ පිහිටි පෞද්ගලික නිවසට රාත්‍රි කාලයේ අයුතු ලෙස ඇතුළු වී පහරදී ගින්නෙන් හානි කර දේපළ විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරයි.

මෙම සිදුවීමට අදාළව ලබාගත් සමීප ආවේක්ෂණ දර්ශන හා විමර්ශනයට අදාළව ලබාගත් වීඩියෝ දර්ශන අසුරින් මෙම හානි සිදු කිරීමට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත් පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍යව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

ඒ අනුව නිවැරැදි අපරාධකරුවන් හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සඳහා මීට අදාළ ඡායාරූප 14ක සිටින පුද්ගලයන් පිළිබඳ යම් තොරතුරක් වෙතෙත් වට්ඇප් මගින් හෝ ඇමතුම් මගින් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

071-8594950

071-8594929

011-2422176


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery