අගමැති රනිල් හදිස්සියේම හමු වූ විශේෂ පුද්ගලයා

Ranil Wickremesinghe Prime minister Sri Lanka China
By Sithumi Jun 21, 2022 11:27 AM GMT
Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ චීනයේ නියෝජ්‍ය තානාපති 'හූ වෙයි' අතර අද (21) උදෑසන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වී තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ චීනය සමඟ සාකච්ඡා කිරීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව එහි දී ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් පිළිබඳ සොයා බැලූ චීන නියෝජ්‍ය තානාපතිවරයා, ආහාර අර්බුදය සමනය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නැවත සහතිකවූ බව සඳහන්. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ‍යි මේ බව නිවේදනය කර තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now