රනිල් හදිස්සියේම හමු වූ කෙනා...
America
colombo
Ranil Wickramasinghe
Kollupitiya
Juli chung
By Sewvandhi
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රි ලංකාවේ නව අමෙරිකනු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අතර අද (21) සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ කොළඹ කොල්ලුපිටියේ පිහිටි, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙ පෞද්ගලික නිවසේදී ය. ඔවුන් එහිදී, ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
ශ්‍රි ලංකාවේ ඇති හදිසි ආර්ථික අභියෝගවලට තිරසාර විසඳුම් සෙවීමට එක්සත් ජනපදයට සහ ශ්‍රි ලංකාවට එකට ක්‍රියාකළ හැකි ක්‍රම පිළිබඳව ඇය එහිදී කරුණු පෙන්වා දුන් බව වාර්තා විය.
යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් විරුද්ධ මතවාද සඳහාද ඉඩක් තිබිය යුතු බව ද ඇය එහිදී පවසා තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |