හෙට සිට නැවත දැනුමදෙන තුරු දුම්රිය ගමන් ගමන්වාර 42ක් අවලංගු කෙරේ..!

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Jan 11, 2023 03:14 PM GMT
Report

හෙට (12) සිට නැවත දැනුම්දෙනතුරු දුමිරිය ගමන්වාර 42ක් දිනකට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලය නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 20ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 04ක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 02ක් ශා මුහුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 16ක් මෙලෙස අවලංගු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now