එලිසබත් මහ රැජන කොවිඩ් ආසාදිත වෙයි..(PHOTOS)

By Sewvandhi Feb 20, 2022 12:31 PM GMT
Report

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. බකින්හැම් මාලිගය මෙය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇයට රෝගී තත්වය බරපතල නොවන අතර ලබන සතිය වන විට රැජිනට සාමාන්‍ය පරිදි රාජකාරී සිදුකරගෙන යාමට හැකිවනු ඇතැයි බකිංහැම් මාලිග වාර්තා ප්‍රකාශකර තිබෙනවා.

ඇය අඛණ්ඩව වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර සුදුසු සියලු මාර්ගෝපදේශ අනුගමනය කරනු ඇතැයි බැකිංහම් මාළිගාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

95 හැවිරිදි රැජින පසුගිය සතියේ කොවිඩ් ආසාදිත වූ වැඩිමහල් පුත්‍රයා වන වේල්ස් කුමරු සමඟ ද සම්බන්ධකම් පවත්වා තිබෙනවා.

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් පාලනය කළ  රජු බවට රැජින පත්වී සති කිහිපයකට පසුවයි ඇය මෙලෙස කොවිඩ් අසාදිත වී ඇත්තේ. පෙබරවාරි 6 වන දිනට මහ රැජින ධුරයට පත්වී වසර 70ක් වුණා.

චාල්ස් කුමරු සහ කෝන්වෝල් ආදිපාදවරිය වන කැමිලා යන දෙදෙනාටම මෑතකදී COVID-19 අසාදනය වුණා. මහා රැජින, චාල්ස් කුමරු සහ කැමිලා යන තුන්දෙනාම එන්නත් මාත්‍රා ත්‍රිත්වයම ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

රැජින වාසය කරන වින්ඩ්සර් මාලිගයේ සේවක සේවිකාවන් රැසක්ම කොවිඩ් ආසාදිත බවට පරීක්ෂණ වලින් අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රැජින ඇයගේ පළමු එන්නත 2021 ජනවාරි මාසයේදී ලබා ගත් බව සඳහන්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGalleryGallery