ත්‍රිරෝද රථ සදහා QR කේතයක් - ඔන්ලයින් හරහාත් ගණුදෙනුකරුවන්..

Manusha Nanayakkara Government Of Sri Lanka
By Sewvandhi Jan 16, 2024 11:33 AM GMT
Report

කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසන්නේ, දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාළව QR කේතයක් හඳුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුළදී නව කේතය හඳුන්වාදීමට පියවර ගන්නා බවයි.

අද (16) දින ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ත්‍රීරෝද රථ රියදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝද රථ රියදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.

මෙම මෙහෙයුම් කමිටුව පිහිටුවා ඇත්තේ, මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ "ගරු සරු" වැඩසටහන යටතේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව

පිහිටුවීම සිදුකෙරිණි. මෙරට ක්‍රියාත්මක සියලුම ත්‍රිරෝදරථ රියැදුරු සංගම්වල නියෝජිතයින්ගෙන් සමන්විත අතර ඔවුන් මීට පෙර පැවැත්වූ සාකච්ඡාවන්හිදී සිය වෘත්තියේ ගරුත්වය වර්ධනය කිරීමට අදාලව එකඟතාවයට පත් වූ කරුණු සමන්විත යෝජනාවලියක්ද එහිදී අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබීය.

Sponsored By Sarrita Jewellery

ත්‍රිරෝද රථ සදහා QR කේතයක් - ඔන්ලයින් හරහාත් ගණුදෙනුකරුවන්.. | Qr Code For Three Wheelers