ව්‍යාපාරිකයෙකු කපා කොටා ඝාතනය කෙරේ

Sri Lanka Crime
By Sewvandhi Jul 08, 2022 12:12 PM GMT
Report

පූගොඩ කුමාරමුල්ල ගඟ පාරේ පිහිටි නිවෙසකට අද අලුයම කඩා වැඳුණු සන්නද්ධ කල්ලියක් වැලිතොටුපොළක් හා මැණික් ගැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තරුණ දෙදරුපියකු කපාකොටා මරාදමා ඇතැයි පූගොඩ පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මනෝජ් සංජීව නමැති තරුණයෙකි. එම පිරිස නිවෙසට හානි කර ඇති බව ද පොලිසිය පවසයි. මෙම නිවසේ සිටි බිරියට සහ දරු දෙදෙනාට අනතුරක් සිදුවී නැතැයි පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now