පොදු ස්ථානවලට යන අයට ළඟදීම අනිවාර්යය කරන දේ මෙන්න.

Sri Lanka Public places Healthy ministry Booster vaccines
By Aruna Jan 07, 2022 06:53 AM GMT
Report

නුදුරේදීම පොදු ස්ථානවලට ඇතුළු වන පුද්ගලයින්ට අනිවාර්ය වන එන්නත් කාඩ්පතට බූස්ටර මාත්‍රාව ද එක් කර තිබෙනවා.

මේ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මීට සුළු මොහොතකට පෙර දැනුම් දෙනු ලැබුවා.

මේ අතරබවිදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පළමු, දෙවන හෝ බූස්ටර් මාත්‍රාව එන්නත් කර නොමැති නම් ඔවුන්ට Pfizer එන්නත් ලබාදීම සඳහා බණ්ඩාරනායක ගුවන්තොටුපළේ පැය 24ක් පුරා විවෘත COVID-19 එන්නත් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ස්ථාපිත කර තිබෙන බව ගුවන් හමුදාව විසින් දැනුම් දී තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය අංශයන් විසින් වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට එන්නත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව දැනුම්දී තිබෙනවා.

මේ අනුව ඔබේ දරුවාට එන්නත් කරන්නේ කවදාදැයි පාසල විසින් ඔබට දන්වන තෙක් කරුණාකර ඉවසීමෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

16ට වැඩි වයස් කාණ්ඩ සඳහා දෙවන මාත්‍රාව සති 12 සම්පූර්ණ වූ පසු පෙබරවාරි මාසයේ දී ලබාදීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now