ඉතා සුභ ආරංචියක්..!ජනවාරි සිට මුදල් අමාත්‍යංශයෙන් අලුත්ම වැඩක්..

Central Bank of Sri Lanka Shehan Semasinghe Government Of Sri Lanka Economy of Sri Lanka Businessman
By Sewvandhi Dec 17, 2023 12:08 PM GMT
Report

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ඇපකර ලබා දීම සඳහා වන ආයතනය ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍යාංශය යටතේ අරඹන බවයි.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති බවයි, නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ.

අර්බුදයෙන් හිස ඔසවමින් සිටින අවස්ථාවේ දී මෙරට ආර්ථිකයෙන් 50%කට වඩා වැඩි දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම රජය ප්‍රමුඛ කාර්යකොට සලකන බවයි, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඉතා සුභ ආරංචියක්..!ජනවාරි සිට මුදල් අමාත්‍යංශයෙන් අලුත්ම වැඩක්.. | Provision Of Guarantees For Enterprises

2024 අයවැය මගින් අදාළ ව්‍යවසාය නගා සිටුවීමට වෙන්කර ඇති රුපියල් බිලියන 30කට අධික ප්‍රතිපාදන, ණය යෝජනා ක්‍රම වෙනුවෙන් යෙදවීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.

මේ අතර කොවිඩ් වසංගතයේ සිට මේ දක්වා අදාළ ව්‍යවසාය වෙනුවෙන් කාරක ප්‍රාග්ධනය ලබාදීම ඇතුළු විවිධ සහන යෝජනා ක්‍රම 11ක් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.