පළාත්පාලන මැතිවරණයට දින නියම වෙයි..?

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Sep 03, 2022 03:03 AM GMT
Report

පළාත්පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.

පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා ඒවායේ කාලය දික් කරනු ලැබුවා.

මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇති බවද නීතිඥ පුංචිහේවා කියා සිටියා.

ඡන්ද හිමි නාමලේඛන ඔක්තෝම්බර් 31 වන දිනෙන් සහතික කරනු ලබන නිසා ඉන්පසුව දිනකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW