විරෝධතා නැවැත්වීමට ගත් අමුතුම පියවර..
Argentina
By Sewvandhi
ආර්ජන්ටිනාවේ නව ජනාධිපති හාවියර් මිලේගේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහිව එරට ජනතාව ආරම්භ කළ විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.
රජය පවසා ඇත්තේ, විරෝධතා සංවිධායකයින් අඛණ්ඩ විරෝධතා පාලනයට ආරක්ෂක අංශ යෙදවීමේදී වැයවන මුදල් පියවීමට කටයුතු කළ යුතු බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට බුවනෝස් අයර්ස් අගනුවර කේන්ද්‍ර කරගෙන නගර කිහිපයක විරෝධතා පැවැත්වෙන බවයි.
ආර්ජන්ටිනාවේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා නව ජනාධිපති හාවියර් මිලේ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දුනි.
අපනයන සීමා ඉවත් කිරීම, රජයේ වියදම් කප්පාදු කිරීම ඇතුළු එම ප්‍රතිසංස්කරණවලට එරට ජනතාවගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.