ඇමති නිවස වටලා විරෝධතා.. දැඩි පොලිස් ආරක්‍ෂාවක්…

By Sithumi Apr 23, 2022 11:57 AM GMT
Report

වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා වැඩ භාරගත් බදුල්ල දිස්ත්‍රික් පා.ම එස්.අරවින්ද කුමාර් මහතාගේ තලවකැලේ ලිදුල මෙරායා ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට (23) දින තරුණයන් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය. රාජ්‍ය අමාත්‍යවරයාට සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් වතුකරයේ තරුණයන් පිරිස උද්ඝෝෂණයේ නිරත විය. 

ජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම , ගැස් හිගය සහ විදුලි කප්පාදුවක් රටේ පවතින අවස්තාවක එස්.අරවින්ද කුමාර් මහතා ඔහුගේ තනතුර ගැන පමණක් සිතා රජයට සහයෝගය දැක්විම පිණිස වතු යටිතල පහසුකම් අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් බවත්, රාජ්‍ය අමාත්‍ය එස්.අරවින්ද කුමාර් මහතා වතුකරයට මේ වන තෙක් කිසිදු දෙයක් සිදු කර නොමැති බව උද්ඝෝෂණයේ නියැලි සිටි තරුණයන් පිරිස කියා සිටිහ. 

 රාජ්‍ය අමාත්‍ය එස්.අරවින්ද කුමාර් මහතාගේ නිවස ඉදිරිපිට වතුකරයේ තරුණයන් පිරිසක් උද්ඝෝෂණයක් සිදු කරන බවට ලද තොරතුරු මත අවට පොලිස් ස්ථාන කිහිපයකින් පොලිස් නිලධාරින් ලිදුල පොලිසිය වෙත කැදවා රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස අසල දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.