ගාලුමුවදොර පිටියට රැස් වුන විශාල ජන ගඟ ආණ්ඩුවට දුන් පණිවුඩය.. (VIDEO)

Protest Colombo Sri lanka Sri lanka sinhala news
By krishani Apr 10, 2022 02:26 AM GMT
Report

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් නිර්පාක්ෂික ජනතා අරගලය නමින් විරෝධතාවයක් ඊයේ (09) ගාලුමුවදොර පිටිය ඉදිරිපිටදී සිදු කෙරුණි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි තරුණ පිරිස් එහි පිවිසුම අවහිර කරමින් ද එහි රැඳී සිටියහ.

රට තුළ  පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙසට බලකරමින් කොළඹ ගාලුමුවදොර පිටිය අසලට නන්දෙසින් ඊයේ උදෑසන සිට ජනතාව පැමිණ තිබුණි.

ඊට තරුණ තරුණියන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් එක්ව සිටියහ.

මෙ අතර ගාලුමුවදොර සිටින විරෝධතාකරුවන් හා එක්වීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් ද නුගේගොඩ සිට පාගමිනින් පැමිණ තිබුණි.

පසුව විරෝධතාකරුවන්ගෙන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් විරෝධතාවයේ නිරත වුණි.

මේ අතර ආණ්ඩුවට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකද උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join