ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට අදහස් දෙන්න ඔබටත් අවස්ථාව - වැඩි විස්තර මෙතනින්.
Parliament of Sri Lanka
Sri Lanka
By Sewvandhi
අධිකරණ අමාත්‍යංශය, යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ඒ සඳහා අදහස් හා යෝජනා ලබා දීමට හැකියාව පවතින බව පවසනවා.
ඒ අනුව අදහස් යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා හා නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට වේලාවක් වෙන් කිරීමට අවශ්‍යව ඇති බැවින් ඔබගේ සහභාගිත්වය පිළිබදව 2023 ජුනි මස 12 වන දිනට පෙර පහත සදහන් කර ඇති විද්‍යුත් ලිපිනයට හෝ ෆැක්ස් අංකයට දන්වා එවන ලෙසයි එම අමාත්‍යංශය පවසන්නේ.
අදහස් හා යෝජනා ලබා දුන් පිරිසට මෙම මස 14, 15 සහ 16 යන තෙදින තුළ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවනවා.
විද්‍යුත් ලිපිනය -justicemedia07@gmail.com
ෆැක්ස් අංකය – 0112470822
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |