බන්ධනාගාරයෙන් පැන්න රැඳවියෙකුට වෙඩි තබයි..රෝහල් ගත කිරීමෙන් පසු මරුට..

Sri Lanka Department of Prisons Sri Lanka Accident
By Aruna Mar 08, 2023 03:06 AM GMT
Report

බන්ධනාගාරයෙන් පළා යමින් සිටි බව ඒ බව කියන රැඳවියෙකුට එල්ල කරන ලද වෙඩි පහරකින් එම රැඳවියා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා යමින් සිටි රැඳවියෙකුට මෙසේ බන්ධනාගාර නිලධාරියකු විසින් වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.

වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් විසින් රෝහල් ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now