යලිත් නව අගමැතිවරයෙක් පත්කිරීමේ සූදානමක්?.ඉදිරියේදී සුබ දෙයක් ලු..

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Prime minister Sri Lanka Podujana Peramuna
By Aruna Jun 19, 2022 05:03 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය වරයෙක් යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව එම පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.

ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.

හැට නව ලක්ෂයක ජනවරමක් ලබා තිබියදී පොහොට්ටුවේ අග්‍රාමාත්‍යවරයෙකු යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව ඔවුන් සඳහන් කර ඇත.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී යහපත් දෙයක් සිදුවනු ඇති බවත් කලින් පැවති ආකාරයේ ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now