මහින්ද අගමැති ධූරය අතහරී?..තුන්දෙනෙක් නව අගමැතිට නම් කෙරේ..එම තුන්දෙනා මෙන්න.

Parliament Mahinda Rajapakshe Namal Rajapakshe Gotabaya Rajapakshe Ramesh pathirana Dulas alahapperuma Prime Minister post
By Aruna Apr 17, 2022 05:51 AM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වීමේ සුදානමක් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කරනවා.

රට තුළ ඇති විරෝධතාවයන් සහ පාර්ලිමේන්තුවේ තත්ත්වයන් සලකමින් සහ වෙනත් තරුණ දේශපාලනඥයෙකුට අගමැතිධුරය ලබාදීමට එම තනතුරෙන් ඉවත් වනු ඇති බවද වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී ඇති බව පැවසේ.

අප්‍රේල් මුල් සතියේ ද අග්‍රාමාත්‍යවරයා ධුරය අතහැරීමට සූදානමින් සිටි නමුත් ප්‍රබල අමාත්‍ය පිරිසකගේ බලපෑමෙන් එම තීරණය අත්හිටවනු ලැබුවා.

කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍යවරයා ධුරය අතහැරියොත් ආණ්ඩුවේ විශාල පිරිසක් ස්වාධීන වී ආණ්ඩුව බිද වැටෙවු ඇති බව මන්ත්‍රීවරුන් පිරිසක් පෙන්වා දී ඇත.

එනිසා තවදුරටත් ධුරයේ රැඳී සිටින ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now