ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් කෙරේ..!

Srilanka Freedom Party Ranil Wickremesinghe Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Aug 03, 2024 09:04 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

සියලු ආසන සංවිධාකයින් අද කොළඹට රැස් කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන දිස්ත්‍රීක් තුනක් සඳහා මෙහෙයුම් ප්‍රධානීන් පත්කර තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පත්කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධයි. ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාට සහය පළ කිරීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මෙලෙස පත්කර තිබෙනවා.

ඡන්දය අස්සේ නාමල් සුවිශේෂී කෙනෙක් හමුවෙලා..(PHOTO)

ඡන්දය අස්සේ නාමල් සුවිශේෂී කෙනෙක් හමුවෙලා..(PHOTO)


මීට අමතරව අමාත්‍ය කංචන විජේසේකර ජනාධිපතිවරයාට සහය පළ කිරීම සදහා එක් වීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රි නිපුණ රණවක මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු මෙහෙයවීම සඳහා පත්කර තිබෙනවා. එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, ජනාධිපතිවරයාට සහය පළ කිරීම හේතුවෙන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු මෙහෙයවීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත පවරා ඇත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුකළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී තිබෙනවා.

ඒ, දෙදෙනා අතර කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඊයේ රාත්‍රියේ පැවති හමුවේදියි. ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාව මුණගැසී ඇති බවයි වාර්තාවන්නේ. Ranil මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පවත්වා තිබෙනවා. මේ අතර තංගල්ල - කාල්ටන් නිවසේ අද පැවති සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ විපක්ෂ නායකවරයා සමඟ තමන්ට ගණුදෙනුවක් නොමැති බවයි.

අනුර හදිසියේම විශේෂ පිරිසක් හමුවෙයි - ඔවුන්ගේ සහයත් අනුරටද..?

අනුර හදිසියේම විශේෂ පිරිසක් හමුවෙයි - ඔවුන්ගේ සහයත් අනුරටද..?

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%