මිතුරාට අවසන් ගෞරව දක්වන්න ජනපති ජපන් යයි
Ranil Wickremesinghe
Shinzo Abe
Sri Lanka
Japan
By Sithumi
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගු කාලීන දේශපාලන මිතුරෙකි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු අවස්ථාවලදී ෂින්ෂො අබේ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලාංකික දියුණුව වෙනුවෙන් සහයෝගය දක්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදී ඉකුත් ජුලි 8වැනිදා සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ෂින්ෂො අබෙි මහතා අභාවප්‍රාප්ත විය. ෂින්ෂො අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27 වැනිදා ජපානයේ දී සිදු සිදුකිරීමට නියමිත ව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |