ජනපති දින 11කට ලංකාවෙන් පිටව යයි. හදිසියේ යන්න හේතුව මෙන්න..
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මෙහිදී මෙම සමුළුවට සමගාමීව අනිද්දා ආරම්භ වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ලෝක ආර්ථික සංසදය යනු දේශපාලන, ආර්ථික, සාමාජයීය සහ පාරිසරික න්‍යාය පත්‍ර හැඩගැස්වීමෙහි ලා ප්‍රධාන තීන්දු තීරණ ගැනීමට වසර මුලදී පැවැත්වෙන ගෝලීය වේදිකාවයි.
රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ගෝලීය සමාගම්, සිවිල් සමාජය ඇතුළු දහසකට අධික නියෝජිතයින් පිරිසක් මෙම සංසදයට එක්වීමට නියමිතයි.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ස්විට්සර්ලන්ත - ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන ග්‍රීන් ටෙක් සංසදයේ ප්‍රධාන දෙසුම පැවැත්වීමට ද නියමිතව තිබේ. ජනාධිපතිවරයාගේ දේශනයේ මූලික තේමාව වී ඇත්තේ,
බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා මග පෑදීම යන්නයි. එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ස්විට්සර්ලන්ත - ආසියානු වාණිජ මණ්ඩලය සමඟ සංවිධාන කරනු ලබන ව්‍යාපාරික වටමේස සමුළුවකට ද ජනාධිපතිවරයා එක්වන අතර, ව්‍යාපාරික නියෝජිතයින්ද හමුවනු ඇති.
ඊට අමතරව ජනාධිපතිවරයා මෙම සමුලුවට එක්වන රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
ලෝක ආර්ථික සමුලුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ලබන 18 වනදා උගන්ඩාව බලා පිටත්ව යෑමට නියමිතව සිටියි.
මේ අනුව, ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලබන 24 වනදායි.