ජනපති අද හමුවූ විශේෂ පිරිස (PHOTOS)
Parliament of Sri Lanka
Gotabaya Rajapaksa
Sri Lanka Economic Crisis
Australia
Sri Lankan political crisis
By Sewvandhi
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වූවාය.
ඇය මෙසේ පොරොන්දු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (20) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින්නීය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමටත් සහාය වන බව ඇය සඳහන් කළාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |



